ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු

scholarship-examමෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළමු තැනට හිමිකර ගැනීමට මාතර ඌරුගමුව මෙතෝදිස්ත විදුහලේ සිතිජ නිරාන් සමරවික්‍රම සිසුවා සමත්ව සිටී. සිතිජ නිරාන් සමරවික්‍රම සිසුවා ලකුණු 196ක් ලබා පළමු ස්ථානය ලබා ගනිද්දී දෙවැනි ස්ථානය ලකුණු 195ක් ලබාගත් කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී විදුහලේ රුවන්යා මෙත්මිණී ගුණසේකර සිසුවිය විසින් හිමකර ගෙන ඇත.

එසේම දෙමළ භාෂාවෙන් විභාගයට පෙනීසිටි සිසුන් අතරින් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ වව්නියාවේ රන්පේකුලම් මහා විද්‍යාලයේ ගෝකුලදාසන් අභිෂිකන් ශිෂ්‍යයා විසිනි. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 195කි.

එසේම ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව එක් එක් දිස්ත්‍රික් මට්ටමට අදාළ කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් අද (05දා) නිකුත් කර ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු දුෂ්කර නොවන දිස්ත්‍රික්ක 9කම කඩයම් ලකුණ මට්ටම 159ක් වන අතර වව්නියාව දිස්ත්‍රික්කයේ එය 142ක් ලෙස සඳහන් වේ. exam5

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.