‘සඳ හිරු සෑය’ චෛත්‍ය ව්‍යාපෘතියේ දී සිදු වූ රත්තරන් වංචාව

Sandahiru Seyaපසුගිය රජය යටතේ විශාල වියදමක් දරමින් ඉදිකරනු ලැබූ ‘සඳ හිරු සෑය’ චෛත්‍ය ව්‍යාපෘතියේ දී සිදු වූ රත්තරන් කිලෝග්‍රෑම් විශාල ප්‍රමාණයක වංචාවක් ගැන තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

විශ්‍රාමික අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා නාවික හමුදාපති ධුරය දැරූ අවස්ථාවේ දී නීති විරෝධීව රත්තරන් ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එහි තිබූ රත්තරන් පළමුව නාවික හමුදාව භාරයට සහ ඉන් පසුව රේගු භාරයට පමුණුවනු ලැබීය.

සඳ හිරු සෑයේ නිධන් වස්තු සඳහා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබෙන නියෝගයකට අනුව එම රත්තරන් තොගය යළි නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර එය වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් ඇත. ඉන් පසු සඳ හිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා නාවික හමුදාව රත්තරන් කිලෝග්‍රෑම් 08ක පමණ ප්‍රමාණයක් ලබා දී ඇති නමුත් රත්තරන් කිලෝග්‍රෑම් 40 ක් පමණ අතුරුදහන් වී ඇති බව සැක කෙරේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.