හොර රියදුරන් හෙළිදරව් වේ

medical reportරියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය වෙත පැමිණෙන පිරිස වෙනදාට වඩා දෙගුණයක්‌ වී ඇතැයි වාර්තා වේ.

මෙයින් බොහෝ දෙනෙක් මෙතෙක් බලපත්‍ර රහිතව රිය පැදවූ අය විය හැකිය.

ඒ අනුව නුගේගොඩ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත මීට පෙර දිනකට පුද්ගලයන් 340-350 ක්‌ වැනි පිරිසක්‌ පැමිණියද මේ වන විට එම ප්‍රමාණය 700 ක්‌ පමණ වී ඇතැයි එහි සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේය.

රටපුරා ඇති විසිපහක්‌ පමණ වන ශාඛාවලට වෛද්‍ය වාර්තා ගැනීමට පැමිණෙන පිරිස දෙගුණයක්‌ වී ඇති බවද හෙතෙම පැවසීය.

රියදුරු බලපත්‍රයක්‌ නොමැතිව රිය ධාවනය කළහොත් දඩ මුදල රුපියල් 25000 දක්‌වා මෙවර අයවැයෙන් ඉහළ දැමීම නිසා බොහෝ දෙනා වලංගු රියදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීමට පෙලඹීම නිසා මෙලෙස වෛද්‍ය වාර්තා ලබා ගන්නා පිරිස ඉහළ ගොස්‌ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ

(ශ්‍රීලංකා මිරර්)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.