අගමැතිගේ රථ පෙළ වීඩියෝ කල තරණයා අත්අඩංගුවේ

ranilඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගත් රථ පෙළ කොල්ලුපිටිය ප්‍රදේශය ඔස්සේ ගමන් කරමින් තිබියදී දෙමාටගොඩ පදිංචි 29 හවිරිදී තරුණයෙකු විසින් වීඩියෝ ගත කිරීම නිසා අගමැති ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අගමැති ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගත් මෙම තරුණයා වැඩිදුර විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලිසියට භාර දී ඇති අතර ඔහු රථ පෙළ වීඩියෝ ගත කලේ කුමටදැයි ඊයේ  දහවල් වනතුරුත් නිශ්චිතව තහවුරු වී නැත.

සැකකාර තරුණයා ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.