අගමැතිට හා ජනපතිට විද්වත් ටොක්කක්………….

maithree-ranilFriday Forum යනු විද්වතුන්ගේ එකතුවකි. ඔවුන් පවසන පරිදි ඔවුන් ස්වාධිනය. එසේම වෙනත් කාගෙන්වත් යැපෙන්නේ නැත. මේ විද්වතුන් පිරිස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට අවවාදාත්මක නිර්දේශයක් ඉදිරිපත් කොට තිබේ.

සරල බසින් කියතොත් එකිනෙකා හා දබර නොවී ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න යැයි ඔවුන් අවධාරණය කරති. මේ විද්වතුන් පෙන්වා දෙන්නේ අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් කවර පක්ෂයකින් පත්වුවත් පක්ෂ රැකීම ඔවුන්ගේ ප‍්‍රධාන කාර්යය නොවන බවයි. ඔවුන්ගේ ප‍්‍රධාන කාර්යය වන්නේ ජනතාව රැකීම බවයි ඔවුන් කියා සිටින්නේ. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍ය පිහිටුවා නව සමාජ ප‍්‍රමිතීන් ඉදිරිපත් කිරීම ඔවුන්ගේ වගකීම මේ විද්වතුන් පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දන ප‍්‍රධාන කරුණක් නම් විමර්ශන කටයුතු කිරීමේදී සෑමදෙනාම සමානයන් සේ සැලකිය යුතු බවයි.

තවත් කරුණක් වන්නේ නම් මන්තී‍්‍රවරුන්ට තමන්ගේ වාහන බලපත‍්‍ර අවභාවිත කිරීමට දී ඇති ඉඩ කඩ වහාම නතර කල යුතු බවයි. කෝප් වාර්තාව පිළිබඳව අවධාරණය කරන ඔවුන් කියා සිටින්නේ මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා රටට වූ අලාභය අයකොට වැරදි කරුවන්නට දඩුවම් ලබාදිය යුතු බවයි. ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ සිදුව ඇති ලිංගික අතවර සහ මූල්‍ය අක‍්‍රමිකාතා ගැන පලවී ඇති වාර්තා ගැන අවධානය යොමු කොට තමන් යමක් කරන බව ජනතාවට පෙන්වන්නැයි මේ විද්වතුන් පෙන්වා දෙති.

මේ විද්වතුන් වෙනුවෙන් මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර හා ආචාර්ය ජී. උස්වත්තආරච්චි මේ නිවේදනයට අත්සන් කොට ඇති අතර මේ නිවේදනය පිටුපසින් සිටින විද්වතුන් රටේ කීර්තිමත් පුද්ගලයින්ය. මහාචාර්ය අර්ජුන අළුවිහාරේ, ආචාර්ය ජයසීලි පිීරිස්, මහාචාර්ය කාමිනා ගුණරත්න, ආචාර්ය ඒ.සී. විශ්වලිංගම්, ශාන්ති ඩයස්, දුලිප් තිගේරා බිශොප්තුමා, පුලස්ති හේවාමාන්න, ආචාර්ය සෙල්වි තිරුචන්දන්, අයියර් කදිරගාමර්, ඝනනාත ඔබේසේකර මහාචාර්යවරයා සහ මහාචාර්ය රංජනී ඔබේසේකර මේ පිරිස අතරේ සිටිති. මේ විද්වත් ටොක්කෙන් අනතුරුවවත් රනිල් වික‍්‍රමසිංහට හා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට තමන් සිටින පටු තැනින් ඉවත් වී වඩාපුළුල් කල්පනාවකට යොමු වීමට ණැනස පහලවේවා යැයි මෙය කියවූ පාඨකයෙක් සටහනක් තබා තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.