අගමැති මැදිහත් වීමෙන් විනාශයක් නවතී

No more bludeඅද (29) උදෑසන ඇතිවන්නට ගිය බරපතල ගැටුමක් අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් නැවතී තිබේ.

මාවනැල්ල නගර ප්‍රවේශයට ආසන්නයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් 3000 අධික පිරිසක් එක් රැස්ව පාද යාත්‍රාව කඩා කප්පල් කිරීමට සූදානම්ව සිටියදී අගමැතිවරයා විසින් කබීර් හෂීම් අමාත්‍යවරයාට කළ නියෝගයක් අනුව සියලුම පිරිස් විසුරුවා හැර ඇත.   පාද යාත්‍රාවට කිසිම අවහිරයක් නොකළ යුතු බවට අගමැතිවරයා දැනුම් දී ඇත. නීතිය හා සාමය නිසි පරිදි පවත්වා ගැනීම සදහා නිසි පරිදි ක්‍රියාත්මකවන ලෙස ඔහු විසින් පොලිසියට දැනුම් දී ඇත.

එක්සත් ජාතික පාක්ෂිකයන් මේ ගැටුම ආරම්භ කිරීමට උත්සාහ කළේ පාද යාත්‍රාව පටන් ගත් දිනයේදීම ය. සෑම සංවිධායකයෙක්ම තම ආසනයෙන් පන්සියයක් දෙනා නුවරට ගෙන්වමින් 27 වන දා රාත්‍රියේ සිදුකළ මෙහෙයුමක් එදින රාත්‍රි 9.15 පමණ අගමැතිවරයාගේ නියෝග පිට නවතා දමා ඇත.

අද උදෑසන මාවනැල්ලේදී සිදුකිරීමට සැලසුම් කළ අවහිර කිරීම් නැවැත්වීමත් සමග  අගමැතිවරයා පිළිබද එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයක්  කලකිරීමට පත්ව ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.