අතුරුදන් වූ ව්‍යාපාරිකයා සැඟව සිටයදී පොලිස් අත්අඩංගුවට…

අතුරුදන් වූ ව්‍යාපාරිකයා පොලිස් අත්අඩංගුවට පත් අවස්ථාව ( ඡායා රූපය සමන් මල්ලවආරච්චි)
අතුරුදන් වූ ව්‍යාපාරිකයා පොලිස් අත්අඩංගුවට පත් අවස්ථාව ( ඡායා රූපය සමන් මල්ලවආරච්චි)

ත්‍රී කුණාමලයේ ලංකා බැංකු රත්තරන් භාණ්ඩ වෙන්දේසියක සිටියදී අතුරුදන් වූ බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වූ මොහමඩ් හුසේන් මොහමඩ් (35) නැමැත්තා  හල්දුම්මුල්ල ප්‍රදේශයේ නිවසක සැගවී සිටියදී අද ( 7) පොලිස් අත්අඩංගුවට පත්විය.

මෙම ව්‍යාපාරිකයා කිසිදු සලකුණක් නොතබා අතුරුදන් වී තිබුණු නිසා ඔහු පැහැර ගැනීමකට ලක් වී ඇතැයි මුලින් පොලිසිය සැක කරනු ලැබුවේය. බණ්ඩාරගම අටලුගම පදිංචිව සිටි මෙම තැනැත්තා රන් භාන්ඩ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබුණු අතර ඔහුත් තවත් ව්‍යාපාරිකයන් 12 දෙනෙකුත් වාහන 4 ත්‍රී කුණාමලයට පැමිණ තිබුණේ ත්‍රී කුණාමලය  ලංකා බැංකුවේ රන් භාන්ඩ වෙන්දේසියකින් භාණ්ඩ මිලදී ගැනීම සදහාය.

7 වැනිදා රන් භාණ්ඩ වෙන්දේසිය පැවැත්වෙද්දී වතුර බෝතලයක් රැගෙන ඒම සදහා පිටවගොස් සිටි  ව්‍යාපාරිකයා අතුරුදන් ව ඇති බව ඔහුගේ සගයන් එදින රාත්‍රියේ පොලිසියට පැමිණිලි කරනු ලැබුවේය. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඔහු සමග පැමිණි ව්‍යාපාරිකයන් 12 දෙනාම පොලිසියේ රදවා ගෙන ප්‍රශ්න කරන අතරතුර විශේෂ පොලිස් කණ්ඩායම් 5 ක් යොදවා පරීක්ෂණ ආරම්භ කළේය.

පරීක්ෂණ කරගෙන යන අතර තුර මේ තැනැත්තා සැගව පලාගොස් ඇතැයි පොලිසියට  සැක පහළ විය. එබැවින් මේ තැනැත්තා සම්බන්ධව ගුවන්තොටුපල වලටත් දැනුම් දෙනු ලැබිණි. පසුව ඔහු අවසානයට ලබාගත් දුරකථන ඇමතුම් ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසිය ව්‍යාපාරිකයාගේ සමීප මිතුරෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගෙන් ප්‍රශ්න කරන විට මුලින්ම ත්‍රීමලයේ සිට යාපනයට ගිය අතුරුදන් වූ පුද්ගලයා නැවත ත්‍රීකුණාමලයට පැමිණ පසුව හල්දුම්මුල්ල ප්‍රදේශයේ සැගව සිටින බව හෙළි විය. මෙසේ සැගව ඇත්තේ පොලිසිය ප්‍රශ්න කරනු ලැබු තැනැත්තාගේ සමීප මිත්‍රෙයකුගේ නිවසකය.

අත්අඩංගුවට ගත් මොහමඩ් හුසේන් මොහමඩ් පොලිසියට කියා තිබුණේ තමන් රුපියල් කෝටි 3 අධික මුදලක ණය වී ඇති බවය. ණය කරුවන්ගෙන් බේරීමට මෙසේ සැගවෙන්නට තීරණය කළ බවත් එසේ නොහැකි වුවහොත් සිය දිවි හානි කරගැනීමට තීරණය කර සිටි බවත් හෙතෙම පොලිසියට කියා තිබිණි.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.