අධිකරණයේ කළහ කළවුන් අධිකරණයට.

homagamaහෝමාගම අධිකරණය ඉදිරිපිට ඊයේ (26) කලහකාරී ලෙස හැසිරුණු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා නියෝගකර තිබේ.

හෝමාගම පොලීසිය අද උසාවියට කළ කරුණු දැක්වීමකින් පසු මෙම නියෝගය දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසන අතර අධිකරණයට අපහාස කළැයි චෝදනාවට බොදුබල‍සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ග‍ලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලබන මස 9 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කළ නියෝගයට පසු ඊයේ දිනයේ දී භික්ෂුන් පිරිසක් උසාවි පරිශ්‍රයේ කලහකාරි ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි සිදුකළහ.

එසේ හැසිරුණු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි හෝමාගම මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.