අධිකරණ නියෝග කඩ කළොත් වැඩ වරදී… පූජිත්කියයි.

Jana1අධිකරණ නියෝග කඩ කරන සියලු දෙනාට පක්ෂ පාට හෝ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර කීවේය. ඔහු මේ බව අද උදේ ප්‍රකාශ කළේය. මේ වනවිට ඇති වී පතිවතින තත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ඒ සම්බන්ධව අධිකරණයේ උපදෙස් පතන බවද ඔහු නිවේදනය කළේය.

පොලිසිය මේ තත්වය පිළිබද වඩාත් අවධානය යොමු කළේ පා ගමන එන අතරතුර ඉදිරියට පැමිණි ගිලන් රථයකට පහරදීමට පා ගමන් කරුවන් කටයුතු කිරීම නිසා තත්වය පාලනය කරගැනීමට උසාවි නියෝගයක් ගැනීමට ‍ ‍ ‍ෙපාලිසිය සූදානම් වූයේය. එහෙත් මහේස්ත්‍රාත්වරයා නොසිටීම එම උසාවි නියෝගය ගැනීමට බාධාවක් වූ බව වාර්තා විය.

පොලිසිය කළ දැනුවත් කිරීමකින් පසු ගැටඹේ පන්සල අසලින් ආරම්භ වීමට තිබූ ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාද යාත්‍රාව අධිකරණ නියෝගය ප්‍රකාරව  පේරාදෙණිය ගලහ මංසන්ධිය අසලදී අද පෙරවරුවේ ආරම්භ වුනේය. ගැටඹේ විහාරය අසලින් ආරම්භ කිරීමට තිබූ පා ගමන පේරොදෙණිය ගලහ මං සංධිය  අසලට රැගෙන ගියේ ගැටඹේ විහාරයද මහනුවර නාගරික බලසීමාවට අයත්වීම හේතුවෙනි.

ගැටඹේ විහාරයට රැස්වුණු  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පා ගමන ආරම්භ කළහ.

මේ වනවිට පාගමන නිසා නුවර කොළඹ මාර්ගයේ පිළිමතලාව හා කඩුගන්නාව අතර ප්‍රදේශය දැඩි මාර්ග තදබදයකට ලක්ව තිබේ. අද පාගමන මාවනැල්ලෙන් අවසන් වේ.  මාවනැල්ල නගර සීමා ප්‍රදේශයට පාද යාත්‍රාව ඇතුළු වීමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය ඉවත් කරගැනීමට අද ඒකබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ මෝසම අධිකරණයෙන් ප්‍රතික්ෂේප විය.

මේ අතර අද මහනුවර මාවනැල්ල නගරවල ආරම්භ කිරීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනට ද අධිකරණය වාරණ නියෝගයයක් නිකුත් කළේය. එම ප්‍රවර්ධන වැඩසටහන් අද සවස 2 න් පසුව ආරම්භ කිරීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.