අනවසර අවි සමග පොලිස් ලොක්කෙක් දැලේ

policeපානදුර නොවිසදුනු අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැති ගිනි අවි 2ක් සහ ජීව උණ්ඩ 29ක් සොයාගෙන ඇත.

අමාත්‍යංශයක හිටපු ලේකම්වරයෙකුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු සිව්දෙනෙකු සුඛෝපබෝගී මෝටර් රථයක ගිනි අවි රැගෙන බණ්ඩාරගමට පැමිණ සිටිය දී ඊයේ (15) අත්අඩංගුවට ගත බව පානදුර කොට්ටාසයේ නීති බල ගැන්වීමේ ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත අය අතර යුද හමුදා පළවැනි ගජබා ඒකකයේ හිටපු සෙබලෙක් හා විශේෂ කාර්ය බළකායේ වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයෙකු ද සිටි බව පොලිසිය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.