අපි ඇමරිකාවට ගැති නෑ… මංගල කියයි…………..

mangala-samaraweeraඇමරිකා එක්සත් ජනපදයට යටත් වී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකරන බව විදේශ ඇමති මංගල සමරවිර පාර්ලිමේන්තුවේදි අද  (22) ප්‍රකාශ කළේය.

පලස්තීනය හා ඊශ්‍රයලය අතර පවතින ගැටුම සාකච්ඡාවෙන් සංහිදියාවෙන් විසදාගත යුතුය යන මතයේ ශ්‍රී ලංකාව සිටින බවත් පලස්තීනයට එරෙහිව ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ නොකළ බවත් මංගල සමරවිර ප්‍රකාශ කළේය. පලස්තීනයේ දේවස්ථානයක් සම්බන්ධයෙන් යුනෙස්කෝව ගෙනා යෝජනාවේදි ශ්‍රී ලංකාව ඡන්දය භාවිතා කිරිමෙන් වැලකි සිටිම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග 23/2 යටතේ මීට පෙර දිනක නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

ජෙරුසලමේ දේවස්ථානයක නමක් සම්බන්ධයෙන් යුනෙස්කෝව ගෙනා මෙම යෝජනාව එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරියේ සාකච්ඡාවට භාජනය වූ බවත් ඒකමතික තීරණයකට ඒමට නොහැකි වූ නිසා ඡන්දයක් පැවති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ජෙරුසලම යනු ආගම් තුනක මුල් නිජබිම යුනෙස්කෝ සංවිධානයේ සභාපතිනිය ප්‍රකාශ කළ බව ද ඇමතිවරයා කීවේය.
ගැටුම් හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අත්දැකිම් ඇති බව පැවසු ඇමතිවරයා පලස්තීනය හා ඊශ්‍රායලය අතර ගැටුම් සාකච්ඡාවෙන් විසදාගත යුතු බව අපේ විශ්වාසය යයිද පැවසීය. ශ්‍රී ලංකාව යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා නොකල බවත් පලස්තිනයට එරෙහි ඡන්දයේදි ශ්‍රී ලංකාවට ඇමරිකාවට යටත් වූ බවට කරන චෝදනාව අසත්‍ය බවත් ඇමතිවරයා සඳහන් කළේය.
පලස්තීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය හෝ නොබැදි ප්‍රතිපත්තිය හෝ වෙනස් කර නැති බව කී මංගල සමරවිර අප කවදත් නොබැදි ස්ථාවරයට සහාය දක්වා තිබෙන බවද ප්‍රකාශ කළේය.

ලංකාව තුළත් මුස්ලිම් සිංහල ජනතාව අතරේ ගැටුම් ඇති කිරිමේ කුමන්ත්‍රණයන් ක්‍රියාත්මක වන බවත් එවැනි සිද්ධියකට සම්බන්ධ වූ නාමල් රාජපක්ෂගේ ප්‍රබල පාක්ෂිකයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පැවසීය. ජනවාර්ගික සමගිය පළුදු නොවන ලෙස කටයුතු පවත්වාගෙන යාම රජයේ ප්‍රතිපත්තිය බවද ඔහු සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.