අපේක්ෂිත ඇප මත සිටින මහනුවර දැරියන් දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු වරෙන්තු කරුවෙක් ලු…

ටෙලි ෆික්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති දේශ කීර්ති නිමල් එන් පීරීස් ජ්‍යෙෂ්ඨ පොලිස්පති පූජිත් ජයසුන්දර සමග වර්ෂ 2008 දී ජූනි 29 දා ඡායා රූපයකට පෙනී සිටි අයුරු...
ටෙලි ෆික්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති දේශ කීර්ති නිමල් එන් පීරීස් ජ්‍යෙෂ්ඨ පොලිස්පති පූජිත් ජයසුන්දර සමග වර්ෂ 2008 දී ජූනි 29 දා ඡායා රූපයකට පෙනී සිටි අයුරු…

‍මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය  මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ  නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 8 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම හා  ඉන් දැරියන් දෙදෙනෙක් දූෂණය කිරීම  සම්බන්ධව චෝදනා ලැබ දැනට අපේක්ෂිත ඇප මත සිටින නිමල් පීරිස් නැමැත්තා එම අපේක්ෂිත ඇප ලබාගෙන ඇත්තේ අධිකරණය නොමග යවා බවත්, ඔහු දුටු තැන අත්අඩංගුවට ගත යුතු වරෙන්තු පිට සිටින වංචනියෙකු බවත් කියමින් ලබන 9 දා අධිකරණය වෙත කරුණු ගොනුකිරීමට අගතියට පත් පාර්ශවයේ පිරිසක් සූදානමින් සිටී.

අපේක්ෂිත ඇප අයදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබදව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු කණ්ඩායමක් ඇගැයීමක් කරනු ලබන බවත්, මහේස්ත්‍රාත්වරයා වෙත අයදුම්ප ඉදිරිපත් කරන්නේ ඒ ඇගැයීමෙන් පසුව බවත් පවසන එම පාර්ශවය මහනුවර පොලිසියේ මේ හැසිරීම අතිශය ජුගුප්සාජනක හා සාහසික එකක් බව ප්‍රකාශ කරයි. ඔවුන්ට අනුව මේ වනවිට මහනුවර පොලිසියේ නිලධාරීන් පිරිසක් මුලුමනින්ම කැප වී ඇත්තේ නිමල් පීරිස් බේරා ගැනීමේ මෙහෙයුමකටය.

මීට කලකට ඉහත මහනුවර සිට නියෝජ්‍ය පොලිස්පතිවරයාට අවශ්‍ය ලිංගික පහසුකම් සකසා දී තිබුණේ මේ සැකකරු  බව ඔවුහු කියති. ඒ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාධක ඇති බව කියන ඒ කණ්ඩායම තමන් අධිකරණය වෙත ඉදිරිපත් වන්නේ නීතිය පිළිබදව ඇති විශ්වාසය නිසා බව කියති. උසාවියේදී  නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුනේ නැතිනම් මේ සිද්ධියම යට යෑමට ඇති ඉඩ කඩ වැඩි බවත් තමන්ද ජීවිත අනතුරකට මුහුණ දීමට ඉඩ ඇති බවත් ඔවුහු පවසති.

දේශ කීරති ගෞරව නාමයද සහිත නිමල්  පීරිස් නැමැත්තා මහනුවර සියලුම මාධ්‍ය ආයතන සම්බන්ධීකරණය කරන ටෙලිෆික්ස් නැමැති මාධ්‍ය ආයතනය පවත්වාගෙන යනවාට අමතරව මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරියගේ උපදේශකයෙක් ලෙසත්,මහවැලි අමාත්‍යාංශයට අයත් මහවැලි ගොවිපල පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙසත්, කටයුතු කරමින් සිටී. ඔහුගේ අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය විසින් පිළිගෙන ඇති අතර ලබන 9 දා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් වීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.