අප දේශය ලොව ප්‍රබුද්ධ රාජ්‍යයක්ලෙස ඔසවනවා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකමෙන් ඉදිරිපත් කර ඇති යෝජනා වලට අප මුහුණ දෙන්නේ රටෙත් ජනතාවගේත් ආරක්ෂක හමුදාවන්ගේත් ගෞරවය ආරක්ෂා කිරීම හා රට ගෞරවයෙන් පිළිගැනීම සදහා එම යෝජනා වලට ඉතා සංයමයෙන් ,ඉවසීමෙන් හා හික්මීමෙන් යුතුව බව 68 වන නිදහස් දින උළෙලේ දී ජනපතිතුමා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

ආරක්ෂක හමුදාවන්ගේ සිත් නොසන්සුන් කරමින් රටේ ජනතාව නොමග යවමින් බලය පිළිබද ක්ෂණික බලාපොරොත්තු ඇති පුද්ගලයන් හා ඇතැම් දේශපාලඥයන් වැරදි අදහස් සහ මත ප්‍රකාශ නරන බවත් පැවසීය.එමෙන්ම මෙම යෝජනාවන් ක්‍රියාත්මක කිරීම තුළින් තහවුරු වන්නේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිදියාව බව ද එතුමා කීය.

එලෙසම අන්තවාදීන් කුමක් කීව ද රටේ ගෞරවය භෞමික අඛණ්ඩතාවය හා ස්වාධීනත්වය ආරක්ෂා කරමින් අප දේශය ලොව විශිෂ්ඨ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස පත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේය.

මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, අගමැති රනිල් වික්‍රමසංහ මහතා ඇතුළු දේශපාලඥයින්, ආරක්ෂක හමුදා ප්‍රධානීන් , තානාපතිවරුන් ආරාධිතයින් අැතුළු සුවිශාල පිරිසක සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී 68 වන ජාතික නිදහස් දින උළෙල ඊයේ (04) පැවැත්විණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.