අයවැයට පෙර කුඩා කාර් මිළ අඩුවෙයි……..

carsකුඩා කාර් විකණීමට වාහන සෙල් කරුවන් දැඩි උත්සාහයක නිරතව සිටිති. අයවැයෙන් කුඩා වාහන වල බදු අඩුවිය හැකි බව රාවයක් පැතිර ගොස් ඇති හෙයින් වීශාල වට්ටම් ලබාදීම ආරම්භ වී ඇත.

සුසුකි වාහන විකුණන ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම රුපියල් දෙලක්ෂය දක්වාවූ වට්ටම් දීම ආරම්භ කොට ඇත.

කුඩා පැන්ඩා කාර් විකුණන මයික්‍රෝ රුපියල් ලක්ෂයකින් තම වාහනයක මිළ අඩු කොට ඇත. සාමාන්‍යයෙන් කාර් වෙළෙඳුන් අයවැයට පෙර කියා සිටින්නේ බදු ඉහළ යා හැකි නිසා ඉක්මනින් මිළදී ගන්නා ලෙසයි. එහෙත් මෙවර ඔව්හු නිහඬව සිටිති.

වැඩි දෙනෙකුට කාර් මිළදී ගත හැකි බදු ක්‍රමයක් ඉදිරිපත් කරන බව මුදල් ඇමති රවි කරුණානායක කළ ප්‍රකාශය මේ නිහඬතාවට හේතු වුව විය හැකිය. කෙසේ වෙතත් cc10000 ට වැඩි එංජින් ධාරිතාවක් ඇති  වාහන වල මිළ වැඩිවීමට ඉඩ ඇත.

Toyota Premio, Toyota Allion and Honda Vezel – වහන වල මිළ මේ මාස මුල පටන් රුපියල් 220,000 සිට 384,000 දක්වා වැඩිවී ඇත. මෙම වැඩිවීමට හේතුව නිෂ්පාදකයින් විසින් මිළ වැඩි කිරීමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.