අර්ජුන් දැන් ලංකාවේ

Arjuna Mahendranසිංගප්පුරුවේ මගුල් ගෙදරක ගිය බව කියන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (3) පස්වරු 4.10 ලංකාවට පැමිණියේය.

හිටපු මහ බැංකුවේ අධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි විගස ඔහුව අත් අඩංගුවට ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර පවසා තිබින.

මෙවන් විශාල වංචාවකට සම්බන්ධ සැකකරුවන් සාක්ෂි විනාශ කිරීමට ඉඩ ඇති හෙයින් නීතිපති වරයා යුහුසුළුව කටයුතු කලයුතු බවයි නීතිවේදීන් කියා සිටින්නේ. දැනට පවතින දේශපාලන වාතාවරණය අනුව ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන්දැ ඩි ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා මැදිහත් වීමට ඉඩ තිබේ.

මීට කලකට පෙර වංචා දුෂණ කමිටුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති හෙයින් ඒ ඔස්සේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට හැකි බව නීතිවේදීහු පෙන්වා දෙති. මෙවන් අවස්ථා වලදී එසේ අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයෙකුට අපේක්ෂිත ඇප ලබා ගත හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.