අර්ජුන් මහේන්ද්‍රන් රටින් පැනලා…

arjuna-mahendranමහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටු වාර්තාව 28 දා (හෙට) සභාවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබියදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්  ලංකාවෙන් පිටව ගොස් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා පාර්ලිමේන්තුවේදි අද (27) ප්‍රකාශ කළේය.

කොප් වාර්තාව ඉදිරිපත් කිරිමට නියමිතව සිටියදී කටුනායක ගුවන් තොටුපොලෙන් ඔහු ඊයේ සවස පිටත්ව ගොස් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. ඔහු සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිතව ඇති මොහොතක මෙවැන්නක් සිද්ධ වෙන්නේ මන්දැයි සැකයක් මතු වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ද්විත්ව පුරවැසිභාවයට හිමිකම් කියන ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරිමට රටෙ නිති ප්‍රමාණවත් නොවන බවද මන්ත්‍රීවරයා කීවේය. ධිවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

අර්ජුනන් මහේන්ද්‍රන් සිංගප්පුරුවට පැන්න බව අසා තමන්  විමතියටත් කුතුහලයටත් පත් වූ බව සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් අප හා පැවසීය. විමතිය නම් බැරෑරුම් චෝදනා එල්ල වේ තිබෙන අවස්ථාවකදී දේශසීමාවක් මාරු කිරීමෙන් ප්‍රශ්නයක් විසඳා ගැනීමට හැකිවෙතැයි ඉහළම පෙළේ ආර්ථික විද්‍යාඥයෙක්  කල්පනා කරන් බවක් පෙනෙන්නට තිබීමයි.

කුතුහලය නම් දැන් රනිල් වික්‍රමසිංහ කුමක් කරන්නේද යන්නයි.

රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම මහේන්ද්‍රන් රක ගැනීමට උත්සාහ කලා පමණක් නොව ඔහුට ආර්ථික  සවර්ධනය හා සැලසුම්කරණය පිළිබඳව උසස්ත නාන්තරයක් පිරිනැමීමෙන් ඔහුගේ දුෂිත වැඩ පිලිවෙල සදාරනීකරණය කිරීමට උත්සාහ කල බව හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී එල් පීරිස් පෙන්වා දෙයි.

මේ තත්වය හමුවේ අර්ජුන් මහේන්ද්‍රන් ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට යම් වගකීමක් භාර ගැනීමට සිදුවෙනු ඇත. හිටපු මහා බැංකු අධිපතිවරයාගෙන් තොරතුරු විමසීමට කොළඹින් ලද තොරතුරු අනුව සිංගප්පුරු ගුවන් තොටුපළට ගිය ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක ගිය වාර්තාකරුවන් දෙදෙනෙකුගේ උත්සාහය අසර්ථක වී ඇත.

අර්ජුනන් මහේන්ද්‍රන් ගේ ගමනාන්තය වෙනත් රටක් වීමට ඉඩ ඇති හෙයින්  ඔහුගේ  තොරතුරු කඩිනමින් විමර්ශනයට ලක් කල යුතුව ඇති බව ස්වාධීන මුල්‍ය අපරාධ විමර්ශකයෙක් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.