අල්ලස් කොමිසම ගැන ජනපතිගේ කතාවට ගල් සහ මල් ……….

 maithripala-sirisenaඅල්ලස් හෝ දුෂණ කොමිශන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් නාවික හමුදාපතිවරුන් උසාවියට කැදවීම පිළිබඳව තමන් අප‍්‍රසාදය පල කරන බවත් දේශපාලන න්‍යාය පත‍්‍ර වෙනුවෙන් ඔවුන්ට හිරිහැර කරන්නේ නම් ඒ පිළිබඳව තමන් කි‍්‍රයා මාර්ග ගැනීමට තමන් පසුබට නොවන බව ජනාධිපතිවරයා කල ප‍්‍රකාශයට මිශ‍්‍ර ප‍්‍රතිචාර පලවෙමින් පවතී.

මේ පිළිබඳව අදහස් පලකල දූෂණ විරෝධි පෙරමුණ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය අසා තමන් විමතියට පත්වූ බවයි. මේ ප‍්‍රකාශය තුලින් හෙළිදරව් වන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් බවයි දූෂණ විරෝධී පෙරමුණේ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටින්නේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිළිගත් ක‍්‍රමවේදයන්ට අනුව කටයුතු කරමින් සිටියදී ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය හේතුවෙන් නිලධාරීනගේ් පරීක්ෂණ කටයුතු වලට බාධා ඇතිවී ඇති බව රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් කියා සිටින්නේ තම පක්ෂය වැටී තිබෙන ආඝාදයෙන් ගොඩ ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් කල ප‍්‍රකාශය වැදගත් වන බවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් අතරේ ඉතා ජනපි‍්‍රය ආරක්ෂක ලේකම්වරයා වැනි අය සම්බන්ධයෙන් පෙනී සිටීම නිසා තමන්ට ඉදිරියේදී දේශපාලන වාසි අත්විය හැකි බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් පෙන්වා දෙති. ජනාධිපතිවරයා විසින් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන තවත් නිරීක්ෂකයින් පිරිසක් කියා සිටින්නේ මෙමගින් ජනාධිපතිවරයා ජනවාරි 8 වෙනිදා තමන් කෙරෙහි විශ්වාසය තබා ජන්දය දුන් ජන්ද දායකයින්ට කොකා පෙන්වා ඇති බවයි.

සිවිල් සමාජ සංවිධාන කි‍්‍රයාකාරකයින් පෙන්වා දෙන්නේ ජනවාරි 8වෙනිදා තමන් බලයට පත්කල ජනතාව ට සිරිසේන ජනාධිපතිවරයා
කොකා පෙන්වීමට ගත් උත්සාහය නිසා FCID හා CID නිලධාරීන් පමණක් නොව අධිකරණයද වංචා විමර්ෂණයට දුරමුඛ විය හැකි
බවයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපතිවරුන්ට එරෙහිව පනවා ඇති චෝදනා බරපතල
බවත් මේ චෝදනා මෙතෙක් නිසිආකාරව විමර්ෂණය කොට ඇති බවත් මොවුන් පෙන්වා දෙති. තවත් පිරිසක් පෙන්වා දෙන්නේ
ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග පවත්වාගෙන යන සම්මුතිවාදී පිලිවෙත අභියෝගයට ලක්වන
බවයි. මේ ප‍්‍රකාශය නිසා දෙපාර්ශවය අතර ඇති විශ්වාසය කඩවී එක්සත් ජාතික පක්ෂය හැකි ඉක්මණින් පලාත් පාලන ජන්දය
පැවැත් වීම කෙරෙහි යොමු වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.