අලි කකුල්වලින් බන්දේසි සහ පුටු හදලා…

ALI 1මැරුණු අලියකුගේ  පාද 3 ක කොටස් හා ගොනකුගේ අංතට්ටුවක්  උපයෝගී කරගනිමින් නිර්මාණයකර තිබූ විසිතුරු භාණ්ඩ තොගයක් රන්දෙණිගල හසලක අඩවි වනජීවී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකර විශේෂඥ වාර්තාවක් ඔක්තෝම්බර් මස 14 දින අධිකරණයට  ඉදිරිපත්කරනලෙස මහේස්ත්‍රාත්වරයා වනජීවී නිලධාරීන්ට දැනුම්දී ඇත.

ඉකුත් මැයි මස 03 දින හුන්නස්ගිරිය ගලේකැලෑවත්ත ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතනයක තිබී මෙම භාණ්ඩ වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබ තිබේ.

අලියකුගේ පාද උපයෝගි කරගනිමින් සකස්කරන ලද බන්දේසි දෙකක් හා පියන සහිත බදුනක්ද  ආරක්ෂිත ක්ෂිරපායි සත්ත්වයෙකු වන ගෝනෙකුගේ අන් තට්ටුවක්ද සන්තකයේ තබා ගැනීමේ චෝදනව මත වනජීවී  නිලධාරින් විසින් අත් අඩංගුවට ගත් සංචාරක නිකේතනයේ ස්ථානභාර නිලධාරීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබිණි.

මෙම මෙහෙයුම රන්දෙණිගල වනජීවී අඩවි ආරක්ෂක පී.බී.බී.මඩුගල්ලේ මහතාගේ උපදෙස් මත වනජීවී අඩවි සහකාර මංජුල ප්‍රදීප්,ඒ.එම්.ඒ.එස් බණ්ඩාර,වනසත්ව නියාමක සංජීව හා වනජීවී  රියදුරු නීලක කරුණාරත්න යනඅය මෙම  වැටලිම සිදුකර ඇත.

ඡායාරූප-වනජීවී නිලධාරීන් විසින් සොයාගත්  සත්ත්ව කොටස් මගින් සකස්කරනලද විසිතුරු භාණ්ඩ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.