අලුත් පක්ෂයක් හදන්න අදහසක් මහින්දටත් නැතිලු..

Mahinda Rajapaksaනව පක්ෂයක් පිහිටුවීමේ සැලැස්මක් නොමැති හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද ප්‍රකාශ කළේය. යටි නුවර පිළිමතලාවේ ඌරාපොළ විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය  හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය. ඔහු පවසන පරිදි  පක්ෂයක් පිහිටුවිය යුතුද නැද්ද යන්න ජනතාව  තීරණය කළ යුතුව තිබෙන්නේ ජනතාවය. රත්නපුරයේදී එළඹෙන 08 වැනිදා පැවැත්වෙන්නේ විද්වත් හමුවක් මිස නව පක්ෂයක් බිහිකිරීම සඳහා වන වැඩපිළිවෙළක් නොවන බව ඔහු කීය.

එහෙත් නවපක්ෂයක් බිහි කිරීමට ඒකාබද්ධ විපක්ෂය විසින් කළ සැලසුම මේ වනවිට විරසකයකින් කෙළවර වී තිබේ. පවතින රජයට අභියෝග කිරීම සදහා නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් කියද්දී කුමාර වෙල්ගම, බන්දුල  ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් ඊට එරෙහි වී තිබේ.

එමෙන්ම මේවනවිට රටේ ප්‍රාදේශීය සභා දෙකක මැතිවරණයක් ප්‍රකාශ කර ඇති බැවින් එවැනි අවස්ථාවක නව පක්ෂයක් ලියාපදිංචි කිරීම සදහා නීතිමය ප්‍රතිපාදන නැති බව මේ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා විමසන ලදුව ඔහු විසින් ඒකාබද්ධ විපක්ෂයේ නව පක්ෂයට රුචියක් දක්වන කණ්ඩායම වෙත දන්වා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.