අවතැන් ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරුයි… මහින්ද දේශප්‍රිය ශපථ වෙයි…

දිනසේන රතුගමගේ

election1යුද්ධය හේතුවන් විපතට පත්ව උතුරු නැගෙනහිර අවතැන් කදවුරුවල සිටින සියලු දෙනාම ඡන්ද හිමි නාමලේඛණයට ඇතුළත් කිරීම පිණිස අවශ්‍ය සියළු විධිවිධාන යොදන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශ්ප්‍රිය පැවසීය.

අවතැන් ජනතාවට ඡන්ද බලය අහිමි වී ඇති බවට දෙමළ ජාතික සන්ධානය නගන චෝදනා පිළිබදව විමසූවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ මේ රටේ සුදුසුකම් සියලුම පුරවැසියන්ට ඡන්ද බලය ලබාදීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇති බවයි.

කදුකරයේ වතු ආශ්‍රිතව ජීවත් වන පිරිසටද,අහිගුණ්ඨික වැසියන්ටද,වීථිවල සරිසරණ පිරිසටද ඡන්ද බලය ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කොට ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

ආදිවාසීන්ගේ නම් විශාල ප්‍රමාණයක් ඡන්ද හිමි නාමලේඛණයට ඇතුළත් වී නොමැති බවට ලැබුණු පැමිණිලි නිසා ගැන සොයා බලා ඇතුළත් නොවූ නම් ඇතුළත් කිරීමට පියවර ගත් බවද මහින්ද දේශප්‍රිය සදහන් කළේය.

මේ සදහා පොලීසිය ඇතුළුව ආයතන රැසක සහය ලබාගැනීමට සිදු වූ වගද ඔහු කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.