අවශ්‍ය වුවහොත් ලෝක කුසලානයට සතියකට පෙර කණ්ඩායමේ වෙනස්කම් කළ හැකියි.

ඉන්දියාවේ පැවැත්වෙන 2016 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට නම් කර අවසන්.නමුත් අවශ්‍ය වුවහොත් මාර්තු 1 දිනට පෙර ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් සිදු කිරීමටඅවස්ථාවක් ඇති බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

මාර්තු 08 වන දින ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට දින 07කට පෙර කණ්ඩායමේ වෙනසක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා ICC යේ අවසරය ලැබී ඇත.

” ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ආබාධවලට ලක් වී නැවත කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා.ඒ නිසා ඔවුන්ගේ තත්වය පිළිබද ICC ය සමග අපි සාකච්ඡා කළා.කෙසේ හෝ ලෝක කුසලාන තරගාවලියට දින 07කට පෙර සංශෝධන වලට යටත්ව වෙනස්කම් සිදු කිරීමේ අවස්ථාව ICC ය ලබාදී තියෙනවා. ”

ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ඩයලොග් සමාගම ඉදිරිපත්ව ඇති අතර එම අවස්ථාවට සහභාගි වෙමින් තිලංග සුමතිපාල මහතා ඉහත අදහස් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.