අශ්ව අනතුරකින් පුද්ගලයෙක් මරුට

horse training guideදඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ අශ්වයින් පුහුණු මධ්‍යස්ථානයක සේවකයකු කලබලවූ අශ්වයා සමඟ ප්‍රධාන මාර්ගයේ මීටර් 500 ක පමණ දුරක් ඇදීගොස් බරපතල තුවාල ලැබ මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මියගොස් ඇත්තේ අනුරාධපුර යාපනය හන්දියේ පදිංචි එන්.සෝමසිරි (65) නැමැති අයෙකි. අශ්වයින් පුහුණු කිරිමේ පළපුරුදු අයෙකු වන මියගිය පුද්ගලයා වාහන ශබ්දයට අශ්වයකු හුරු කිරීම පිණිස දඹුල්ල කණ්ඩලම මාර්ගයේ එම අශ්වයා රැගෙන යමින් සිටියදී ඉකුත් 15 දා මෙම අනතුරට ලක්ව ඇත.

අශ්වයාගේ තෝන් ලණුව මෙම පුද්ගලයා අතින් පටලවා ගෙන මාර්ගයේ යමින් සිටියදී වාහනයක නළා ශබ්දයට බියවී අශ්වයා කලබලව ඇත. මේ සමග අදාළ පුද්ගලයාද අශ්වයා සමඟ මීටර පන්සියයක පමණ දුරක් බිමදිගේ ඇදී ගොස් තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.