අසනීප ගෙනෙන සනීපාරක්ෂ තුවා තොගයක් චීනයෙන් හසුවෙලා…

wispre-ppචීනයේ ව්‍යාජ සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ මහා පරිමාණ කූට ව්‍යාපාරයක් පිළිබඳ කරුණු අනාවරණය වීමත් සමග කාන්තාවන්ගේ සෞඛ්‍ය වෙත බලපෑම් එල්ල වීමේ අවදානමක් පිළිබඳ බියක් මතු වී ඇතැයි බීබීසී ය වාර්තා කරයි.

විෂබීජ නැසීමේ පහසුකම් නොමැති කර්මාන්තශාලාවක් තුළ නිෂ්පාදනය කරන ලද ඩොලර් ලක්ෂ හැටකට ආසන්න අලවි වටිනාකමකින් යුත් ව්‍යාජ සනීපාරක්ෂක තුවා තොගයක් චීනයේ නැන්චෑන් නගරයේ මහජන ආරක්ෂණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් පසු මේ තත්වය  හෙළි වී තිබේ.

වර්ෂ 2013 සිට දස ලක්ෂ ගණනක් ව්‍යාජ සනීපාරක්ෂක තුවා මේ කූට ව්‍යාපාරිකයන් විසින් නිෂ්පාදනය කරන ලද බවටත් ABC හෝ Whisper යන චීනයේ ප්‍රමුඛ පෙළ වෙළඳ නාම යටතේ එම ව්‍යාජ සනීපාරක්ෂක තුවා තොග වශයෙන් වෙළඳසැල්වලට අලවි කොට ඇති බවටත් චීනයේ නැන්චෑන් පුවත් සේවය හෙළි කර ඇත.

චීනයෙන් පිටත වෙනත් රටවල එම ව්‍යාජ සනීපාරක්ෂක තුවා බෙදා හැර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත්  එසේ බෙදා හැර ඇත්දැයි පරීක්ෂණ පවත්වන බවටත් චීනය කියයි.

ව්‍යාජ සනීපාරක්ෂක තුවා අසුරන තරමක් තද පාටින් නිෂ්පාදනය කොට ඇතැයි කියයි. මිලදී ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස බලධාරීහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිති.

 

මිල අඩු කළ නිෂ්පාදන මිලදී ගැනීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බවට චීන බලධාරීහු අනතුරු හඟවති.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.