අළුත් පක්ෂයක් හදන්න ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡා කළේ නෑ. – වාසු.

vasuඅලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් කර නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

නව ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරමින් ආණ්ඩුව සැබෑ ප්‍රශ්න යටගහන්න කටයුතු කරන බව වාමාංශික පක්ෂ අද (04) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙතෙම කියා සිටියේය.

වත්මන් රජය ගමන් කරන්නේ කුමන ආර්ථික මාවතේදැයි ප්‍රශ්නයක් ඇති බවත් මාර්තු මාසය වන විට ජීවන වියදම වැඩිවිය හැකි බවත් වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය ද තවදුරටත් වැඩි විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

තේ, රබර්, වී ගොවීන්ගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා එම ජනකොටස්වල සහභාගිත්වයෙන් ජාතික මහ සමුළුවක් පැවැත්වීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.