ආණ්ඩුව සත්‍ය හෙළිකර ඒ පිළිබඳ තවත් සැලකිලිමත් විය යුතුයි.

glබොරැල්ල එන්.එම් .පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා,

චාවකච්චේරියෙන් හමු වූ අධි බලැති පුපුරන ද්‍රව්‍ය පිලිබඳ සත්‍ය තත්වය ආණ්ඩුව හෙලිකල යුතු බව පැවසුවේය.

එම නිවසේ තිබී පති බෝම්බ 5ක්, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 2ක්, සි4 පුපුරන ද්‍රව්‍ය බෑග් 3ක, ජංගම දුරකථන, සිම්කාඩ් 5ක් පොලිසිය සොයාගෙන ඇත.

මෙය වැල්ලවත්ත ප්‍රදේශයට ගෙන ඒමට සැලසුම් කර ඇති බවට වාර්තා වේ.

ආණ්ඩුව මෙම තොරතුරු වසන් කිරීමට නොව රටට සත්ය තත්වය හෙලිකල යුතු බව ඔහු පවසයි.

මෙවැනි සිද්ධීන් නිසා රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් වී ඇති බවත් සාම්පුර් කඳවුර ඉවත් කිරීම ත්‍රස්තවාදී පනත ඉවත් කිරීම වැනි කටයුතු මත මේ සිදුවීම් වන බව හිටපු ඇමතිවරයා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.