ආවා හැදුවේ ගෝඨා… රාජිත යළිත් කියයි…

grදිනසේන රතුගමගේ

ආවා ගෲප්කල්ලිය නිර්මාණය කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ බව රාජිත සේනාරත් අද (20) යළි පැවසීය. ඔහු මේ කතාව කීවේ වවුනියාවේ දීය.

 තවදුරටත් කතාකළ 2015 වර්ෂයේ උතුරේ ඡන්ද මංකොල්ලකෑම ඇතුළු තවත් අවශ්‍යතා කීපයක් වෙනුවෙන් බිහිකළ යාපනයේආවා ගෲප්කල්ලිය ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නොව නීතී අළුතින් සකසා හෝ අත් අඩංගුවට ගෙන දැඩිදඩුවම් ලබාදෙන බව කීවේය.

වවුනියාවේ සිදු කළ සංවර්ධන කටයුතු කීපයක් විවෘත කිරීමේ අවස්ථාවන්ට ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු පැමිණි අවස්ථාවේදී ඔහුගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කළවිට එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන ලද්දේ රාජිත සේනාරත්න අමාත්යවරයා විසිනි.

ෙඋතුරු පළාත ඇතුළුව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල තර්ජනයක් ඇති බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මන්දැයි විමසූ විට රාජිත සේනාරත්න අමාත්යවරයා කියා සිටියේ එම ආරක්ෂාව බිදදමන ලද්දේ එවැනි ප්‍රකාශ කරණ පිරිසම බවයි.

හමුදා කුමන්ත්රණයක් මගින් මේ රටේ බලය වෙනස්වීමක් කවරදාක හෝ සිදු නොවන බව අමාත්‍යවරයා කියා සිටියේ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශයක් පිළිබදව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පළාත් සභාවක් මහ අලියෙකු කරන්නේත් සුදු අලියෙකු කරන්නේත් මහ ආණ්ඩුව බව කී අමාත්යවරයා උතුරු පළාත් සභාව ශක්තිමත් කිරීමද  බලය විමධ්‍යගත කිරීමද පියවරෙන් පියවර කරගෙන යන බව පැවසීය.

අයවැයෙන් වෙන්කරණ ලද මුදල් ප්‍රමාණවත් නොවන පළාත් සභා ඇත්නම් පිළිබදව මුදල් අමාත්‍යංශය දැණුවත් කරණ මෙන්ද අමාත්යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.