ඇඹිලිපිටිය මරණ පරීක්ෂණය යලි ඇරඹේ.

ඇඹිලිපිටියේ ගැටුමකින් තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම නැවතත් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (27) පැවැත්වේ.

මෙයට පෙර දින දෙකක් මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම සිදු කෙරුණු අතර පසුගියදා පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගෙන් සහ සිවිල් පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් ද සාක්ෂි විමසීම සිදු කළේ ය.

සිද්ධිය වූ දිනයේ ඇඹිලිපිටිය පොලීසියේ දුරකතන ක්‍රියාකරුගෙන් සහ උපසේවය භාර පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් සහ ජංගම මුර සංචාරයේ යෙදුණු නිලධාරියෙක් ද මේ වනවිට සාක්ෂි ලබා දී ඇති අතර ගැටුම සිදු වූ ස්ථානයේ සිටි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් ද සාක්ෂි විමසීම පසුගියදා සිදු කෙරිණි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා තම නිලධාරීන් කණ්ඩායමක් අද ඇඹිලිපිටියට පිටත්ව යන බව ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

එම කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කරසිටියේ එම පරීක්ෂණ පැවැත්වීම සඳහා පසුගියදා නිලධාරීන් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කළ බව ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.