ඉන්දීය වකුගඩු ජාවාරමේ සැකකරුවන් අවදානම් සෞඛ්‍යය තත්වයක…

Kedney221ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවූ බව කියන නීතිවිරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රඳවා සිටින එක් වකුගඩුවක් රහිත ඉන්දීය ජාතිකයින්ගේ සෞඛ්‍ය තත්වය අයහපත් අතට හැරෙමින් පවතින බව ඔවුන්ගේ නීතිවේදීහු අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූහ.

අදාළ පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී රැඳවුම් භාරයේ සිටින චෝදනා ලද ඉන්දීය ජාතිකයින් හත්දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඔවුන් අතුරින් හය දෙනෙකුගේ වකුගඩු ඉවත් කර ඇති බව විත්තියේ නීතිඥයා අධිකරණය වෙත දන්වා සිටියේය.

රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී මෙම සැක කරුවන්ගේ සෞඛ්‍ය තත්වයට ගැළපෙන ආහාර සහ පානිය ජල පහසුකම් ලබා ගත නොහැකි බැවින් ඔවුන් මිරිහානේ පිහිටි විශේෂ කදවුර වෙත මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් නීතිවේදීන් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.

එම ඉල්ලීම මීළඟ නඩු දිනයේ දී සලකා බලන බව ප්‍රකාශ කළ අධිකරණය සැකකරුවන් ලබන 30 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටයි නියෝග කළේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.