ඊයේ පාද යාත්‍රාව නිම වෙනකොට නිට්ටඹුව කලුවරේ

 

Kalu 2ඊයේ ( 30) නිට්ටඹුව නගරයට පාද යාත්‍රාව පැමිණියේ මහා කලුවරේ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. අධිකරණයෙන් වාරණ නියෝග ලබාගෙන ජන සටන පාද යාත‍්‍රාව නතර කිරිමට උත්සාහ කළ  යහපාලන ආණ්ඩුව එය නොහැකි වූ තැන    වීථි ලාම්පු නිවා දමා  එය නැවැත්වීමට උත්සාහ කිරීම විහිලුවක්  බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඊට පෙර නෙළුම්දෙනියෙන් අවසන් කිරීමේදීද  නෙලුම්දෙනිය නගරයෙ වීථි ලාම්පු නිවා දමා කලුවරේ තබන්නට සැලැස්වූ බව ඔහු කීවේය.

ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් තිබුණද අධිකරණය ස්වාධීනව කටයුතු කරන බවත් ඊට සිය ප‍්‍රණාමය පුද කරන බවත් නාමල් රාජපක්‍ෂ   කියා සිටියේයය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.