උතුරු පළාත් සභාවෙන් නව කමිටුවක්.

npනව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා උතුරු පළාතේ ජනතාවගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමට උතුරු පළාත් සභාව නව කමිටුවක් පත්කර තිබේ.

උතුරු පළාත් සභාවේ 44 වැනි සභා වාරය පැවති ඊයේ (26) දිනයේ මෙම කමිටුව පත් කරගත් බව දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරයි.

පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සභාපතීත්වයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගෙන් යුක්ත ව එම කමිටුව පත් කර ඇත.

ඒ අනුව උතුරු පළාතේ ජනතාවගේ, සිවිල් සංවිධානවල සහ කමිටුවල අදහස් සහ යෝජනා සහිත ව නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා යෝජනාවලියක් සකස් කර එම යෝජනාවලිය පළාත් සභාව තුළ සම්මත කර ගැනීමෙන් අනතුරුව ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත ඉදිරිපත් කරන  බව ශිවාජිලිංගම් මහතා පැවසුවේ ය. ‍

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.