උදයංග වීරතුංගගේ ගමන් බලපත්‍රය ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්…

udayanga-2රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි උදයංග වීරතුංග ට හා ඔහුගේ බිරිදට ලබාදී තිබු රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර සාමාන්‍ය ගමන් බලපත්‍රයක් මේ වසර මුලදි ලබා දුන් බව සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා වයඹසංවර්ධන ඇමති එස්.බී. නාවින්න  ඊයේ (08) පාර්ලිමේන්තුවේදී   ප්‍රකාශ කළේය.

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කර සාමාන්‍ය ගමන් බලපත්‍රය ඔහුට සහ බිරිදට නිකුත් කරද්දි ඔහු සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණේ නැතැයිද ඇමතිවරයා කීවේය. ඒ වන විට අධිකරණ නියෝගයක් ලැබි තිබුණා නම් ඒ අනුව කටයුතු කිරිමේ හැකියාව තිබුණේයැයිද ඔහු පෙන්වා දුන්නේය.

උදයංග වීරතුංගට විරුද්ධව චෝදනා කිහිපයක් තිබෙන අතර යුක්රේන රජය ඔහුට චෝදනා කර තිබේ. රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකුගේ මරණය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී ඇත.  එවන් බරපතල චෝදනා එල්ල වී ඇති අයෙකුට සාමාන්‍ය ගමන් බලපත්‍රය නිකුත් කළේ කාගේ උවමනාවකටදැයි  ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශන කළේය.

මෙහිදි ඇමතිවරයා කියා සිටියේ ඔහුට චෝදනා තිබුණත් නඩුවක් පවරා තින්දුවක් දී නැතිනම් සාමාන්‍ය ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමේ බාධාවක් නැති බවයි. නඩුවෙන් පසු ආගමන විගමන පාලකවරයා විසින් ඔහු ගැන ජාත්‍යන්තර පොලීසියට දන්වා තිබෙන බවද සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.