උසස්පෙළ ලියන්න හොරට දිස්ත්‍රික් මාරුකළ සරසවි සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසියි…

EGව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර දුෂ්කර දිස්ත්‍රික්කයන් වෙත ගොස් උසස්පෙළ විභාගයට පෙනී සිට මේ වනවිට විශ්ව විද්‍යාලවලට ඇතුළත්ව සිටිනා සිසුන් ඉවත් කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

මෙවර උසස්පෙළ විභාගයට දුෂ්කර දිස්ත්‍රිකයන්ට ගොස් පෙනී සිටි පිට පළාත්  සිසුන් සම්බන්ධයෙන් පමණක් මේ වනවිට අවධානය යොමුව තිබුණද පසුගිය වසරේ දී මේ අයුරින් විභාගයට පෙනී සිට විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට සූදානමින් සිටිනා සිසුන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කරන ප්‍රවේශ අත්පොතට අනුව කූට ලෙස විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සිටිනා සිසුන් ඉවත්කිරීමට නීතිමය ප්‍රතිපාදන තිබේ.

මෙම තත්වය යටතේ සිදුකෙරෙන පරීක්ෂණ අනුව තමන් බලාපොරොත්තු නොවුණු බරපතල තත්වයන්ට මුහුණ දීමට ව්‍යාජ තොරතුරු ලබා දී උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සිදුවනු ඇත.

වාර්තාවන ආකාරයට මෙවැනි ව්‍යාජ ලේඛණ සකස්කර දුෂ්කර පළාත්වලින් විභාගයට පෙනී සිටි බහුතරය මුස්ලිම් ජාතිකයන්ය.  අලුතින්ම වාර්තාවන තොරතුරු අනුව මෙවර නීති විරෝධී ලෙස දිස්ත්‍රික්ක මාරු කරමින් නුවරඑළියේ කොත්මලේ ප්‍රෙද්ශයෙන් පමණක් සිසුන් 71 දෙනෙක් ඉදිරිපත් වී ඇති බවත්, පාසල් 7 කින් මේ ලෙස විභාග වංචා සදහා යොමු කර ඇති සිසුන් බහුතරයක් මුස්ලිම් ජාතිකයන් බවත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.