උසාවිය නිහඬ කිරීම නිසා කඩවෙන ප්‍රේක්ෂක අයිතියට වග කියන්නේ කවුද?

silence-in-the-courtමීට ටික කාලයකට පෙර වික්ටර් අයිවන් ගෙන් හෙළිදරව් වූ ලෙනින් රත්නායක නම් හිටපු විනිසුරු ගේ පෙත්සමක් හේතුවෙන් ප්‍රේක්ෂක අයිතිය කඩවී තිබේ.

අද සිට තිරගත වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික සිනමාකරු ප්‍රසන්න විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ (Silence in the court) නමැති නවතම සිංහල චිත්‍රපටය තාවකලිකව නිශ්ශබ්ද කොට ඇත. ඔක්තෝබර් 19 වැනිදා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා දුන් අතුරු තහනම් නියෝගය නිසා කඩවෙන ප්‍රේක්ෂක අයිතිය වෙනුවෙන් වග කියන්නේ කවුද?

‘උසාවිය නිහඬයි‘ සිනමා පටය පාදක වූයේ කලකට පෙර මහේස්ත්‍රාත්වරයෙකු ලෙස සේවය කළ ලෙනින් රත්නායක නම්  නඩුකාරයා විසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැමියා නිදහස් කරනවා කියා ඔහුගේ බිරිඳ සිව් වතාවක්ම දූෂණය කිරීමේ සත්‍ය සිද්ධියයි. මෙම පාහර ක්‍රියාව සම්බන්ධයෙන් එවක වික්ටර් අයිවන් මහතා විසින් දිගින් දිගටම හෙලිදරව් කිරීමෙන් පසුව ලෙනින් රත්නායකට තනතුර අහිමි විය.

එකළ අග විනිසුරු සරත් සිල්වා ගේ නොමඳ රැකවරණ ලැබූ එකී ලෙනින් රත්නායකටත් අවශ්‍ය නම් චිත්‍රපටියක් නිර්මාණය කල හැකිය,ඒ ප්‍රකාශන නිදහසට අපි එරෙහි නොවෙමු,
එහෙත් අතිශය නින්දිත සේවා වාර්තාවකට හිම්කම් කියන ලෙනින් රත්නායකට මුවාවී සෙස්සන්ට ප්‍රේක්ෂක අයිතිය යටපත් කිරීමට ඉඩ දිය නොහැක.
ප්‍රසන්න උසාවියට කරුණු දක්වන විට අපි ඔහු හා පෙළට හිටගමු.
අවශ්‍ය වෙතොත් මහජන දැක්මකට යමු.
සමන්ත දිසානායක

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.