එජාප 70 සංවත්සරයේ ප්‍රධානියා මෛත්‍රී…

RM1එක්සත් ජාතික පක්‍ෂයේ 70 වෙනි සංවත්සර උළෙල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් මේ මස 10 දා කැම්බල් පිටියේ දී පැවැත්වේ.

එ.ජා.ප. සංවත්සර උළෙලක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙවර පැවැත්වෙන්නේ දෙවෙනි වරට ය.  එහි 69 වන සංවත්සරය ද සිරිකොතේ දී පැවැත්වුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතිහාසගත වන්නේය.

මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්නෙන මෙම 70 වෙනි සංවත්සරය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට සාමාජික සාමාජිකාවන් ලක්ෂ 30 ක් බඳවා ගැනිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත්, ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් තුනෙන් දෙකක (2/3) සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ලෙස බඳවා ගැනිම ඉලක්ක කරගත් වැඩපිලිවෙලක් අරඹා ඇති බවත්, දැනට සමාජිකයන් 689000 ක් බඳවා ගැනුනු බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා ප්‍රධානි, අග්‍රාමාත්‍ය පුද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර කියන්නේය. ඔහුට අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන පක්ෂයක් හදුන්වා දුන් අන්තර්ජාල ඇප් පහසුකම මගින්  “ඉ” සාමාජික කාඩ්පත් මගින් සාමාජිකයෝ 112000 ක්ද මේ වන විට එක්සත් ජාතික පක්ෂයට බඳවා ගෙන සිටිති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.