ඔලිම්පික් ගමන් ගැන දන්න විස්තර දෙන්න… අගමැති අර්ජුනට කියයි…

sl-at-rio-2බ්‍රසිලයේ රියෝද ජැනෙයිරෝ නුවරදී පැවැති ඔලිම්පික් ක්‍රිඩා උළෙලට ක්‍රිඩකයන් සහභාගී කිරිම සම්බන්ධයෙන් තමන් සතුව තිබෙන සියලූ තොරතුරු දෙන ලෙස වරාය හා නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් දැනුම් දී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉහත දැනුම් දීම කර ඇත්තේ අර්ජුන රණතුංග  මාධ්‍ය හරහා කළ ප්‍රකාශකයට අනුවය.
රියෝද ජැනෙයිරෝ නුවර ඔලිම්පික් ක්‍රිඩා තරඟයට ක්‍රිඩකයන්ගේ සහභාගීවිම සම්බන්ධයෙන් ක්‍රිඩා ඇමතිවරයාගෙන්, ලේකම්වරයාගෙන් හා ඔලිම්පික් සභාපතිවරයාගෙන් තොරතුරු ගැනිම  “හොරාගෙ අම්මාගෙන් පේන ඇහිමක්” යැයි ද අමාත්‍ය අර්ජුන රණතුංග  ඉහත මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කර තිබුනි.
අමාත්‍යවරයා මෙලෙස කළ කරුණු දැක්වීම ගැන අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට වහාම යොමුව ඇති අතර ඒ අනුව ඇමතිවරයා සතු තොරතුරු වහාම ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.
ඔලිම්පික් ගමන සම්බන්ධයෙන් තොරතුරු රැසක් අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබී ඇති අතර ඒ තොරතුරු අනුව අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ  දැඩි ක්‍රියාමාර්ගයක් ගැනිමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.