ඕපාදූප වලට බය නොවී ගිහින් ඉගෙන ගන්න… පූජිත් යාපනය සරසවි සිසුන්ට කියයි

pujith2යාපනය විශ්වවිද්‍යාලයට පැමිණෙන සිංහල ශිෂ්‍යයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකීම පොලිසිය සම්පූර්ණයෙන්ම භාරගෙන තිබියදීත් ඔවුන් අධ්‍යාපන කටයුතු සඳහා නොපැමිණෙන්නේ නම් පොලිසියට කරන්නට දෙයක් නැති බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර  කීවේය.

යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිංහල ශිෂ්‍යයන්ගේ ආරක්‍ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් මෙන්ම නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් ද විශාල පිරිසක්‌ යොදවා ඇතැයි ද  බුද්ධි අංශ නිලධාරීන් ද සේවයේ යොදවා ඇතැයිද පොලිස්පති  පැවසුවේය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ යාපනය සරසවියේ මහා භයානක තත්වයක් උද්ගතව ඇති බවට  දකුණේ මවන ප්‍රචාර  හිතලු පමණක් බවය.

ඕපා දුප වලට බය නොවී බියකින් හා සැකයකින් තොරව පැමිණ අධ්‍යයන කටයුතුවල නිරතවන ලෙස  තමා ඉල්ලා සිටින බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.