ඖෂධ අධිකාරියේ සභාපතිකමට බහුජාතික ඖෂධ සමාගම් ඒජන්තයෙක්…  බහුජන සංවිධාන නඩු කියති….

අසිත ද සිල්වාට රාජිත සේනාරත්න විසින් පත්වීම ලබාදුන් මොහොත...
අසිත ද සිල්වාට රාජිත සේනාරත්න විසින් පත්වීම ලබාදුන් මොහොත…

ලෝකයේ ප්‍රධාන බහුජාතික ඖෂධ සමාගම් අනුබද්ධකර ගනිමින් Remediumone නැමැති ලංකාවේ ප්‍රධානම වෛද්‍ය සැපයුම් කොම්පැණිය පවත්වාගෙන යන මහාචාර්ය අසිත ද සිල්වා  රටේ සියලුම ඖෂධ හා වෛද්‍ය උපකරණ නියාමනය කරන හා ඒ පිළිබද ජාතියට වගකියන ප්‍රධානම රාජ්‍ය ආයතනය වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින්   කළ පත්කිරීමට එරෙහිව පේෂන්ස් රයිට් සංවිධානය හා සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවරන ලද නඩුවේ දෙවන කැදවීම අද (10)  සිදුවේ.

මේ අත්තනෝමතික පත්කිරීමට එරෙහිව බහුජන සංවිධාන එක්කව පවත්වන විරෝධතා ව්‍යාපාරයක් මේ වනවිට අලුත් කඩේ උසාවිය ඉදිරිපිට පැවැත්වෙමින් තිබේ.Asitha2

රාජිත සේනාරත්න විසින් මහාචාර්ය අසිත පෙරේරා එම තනතුරට පත්කිරීමට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ලෝ පතල කීර්තිමත් විද්වතෙක් වන මහාචාර්ය ලාල් ජයකොඩිය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඖෂධවේදය පිළිබද උපදේශකයෙක් ලෙස කටයුතුකළ කීර්තිමත් විද්වතෙක් වූ මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරියය. මේ විද්වතුන් දෙපළ විසින් ඖෂධ නියාමන අධිකාරයේ බලත ක්‍රියාත්මක කරවමින් වෛද්‍ය සැපයුම් අංශයේ හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ දූෂිතයන් සිදුකළ කෝටි ගණනක මහජන මුදල් වංචා හා ඖෂධ ජාවාරම් හෙළිදරව් කිරීමත් සමග සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ඔවුන්ව එම තනතුරුවලින් ඉවත් කරනු ලැබුවේය. රාජිත සේනාරත්න විසින් මහාචාර්ය අසිත ද සිල්වා   ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති තනතුරට පත් කරන්නේ ඉන් අනතුරුවය.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සේනක බිබිලේ සංකල්පය ක්‍රියාත්මක කිරීමට පිහිටවනු ලැබූ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතත් උල්ලංඝණය කර එහි සභාපති ධූරයට බහුජාතික ඖෂධ සමාගම් අත නැටවෙන ව්‍යාපාරික රූකඩයක් පත්කිරීමේ විනාශය නැවැත්වීමටත්, ඉන් සමස්ථ ජාතියටවන අගතිය වලක්වා ගැනීමටත් තමන් අධිකරණය ඉදිරියට පැමිණිබව පේෂන්ස් රයිට් සංවිධානය ලංකා නිවුස්ලයින් වෙත  පැවසුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.