කර්නල් බිරිඳට වෙඩි තිබ්බෙ කොටි පිස්තෝලෙකින්….

Gun11මාලබේ පිට්‌ටුගල ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටි සිය බිරිඳට වෙඩි තබා බරපතළ තුවාල සිදු කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයා භාවිත කළ පිස්‌තෝල දෙක එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත් ඒවා බව පරීක්‌ෂණවලින් හෙළිවී ඇත.

සැකකාර ලුතිනන්වරයාට අයත් අනෙක්  පිස්‌තෝලය දියවන්නා ඔයට විසි කර තිබියදී නාවික හමුදා කිමිදුම් කරුවන් යොදාගෙන පොලිසිය මඟින් ඊයේ (01 වැනිදා) සොයා ගන්නා ලදී.  එල්.ටී.ටී.ඊ සංවිධානය අයත් මෙම ආයුධ  එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය වීමෙන් පසු අතහැර දමා ගිය ඒවා අතුරින් සොරාගන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

සිය බිරිඳට වෙඩි තැබීම සඳහා ලුතිනන් කර්නල්වරයා පාවිච්චි කළ පිස්‌තෝලය දියවන්නා ඔයට විසි කළ බව පොලිසියට ප්‍රකාශ කර තිබුණේ සැකකාර කර්නල්වරයාගේ රියෑදුරා විසිනි. තම පියා පිස්‌තෝල දෙකක්‌ පාවිච්චි කළ බවට දියණිය විසින් ද ප්‍රකාශ කර තිබිණි.
පවුල් ආරවුලක්‌ මත සැකකාර ලුතිනන් කර්නල්වරයා සිය නිවසේ සිටි බිරිඳට වෙඩි තබා තිබුණේ ඉකුත් 27 වැනිදා රාත්‍රි කාලයේදීය.

මෙම ප්‍රහාරයට ලක්‌ව බරපතළ තුවාල ලැබූ නයනා ප්‍රනාන්දු නමැති කාන්තාව මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.