කැලණිය සරසවියේ සිංහල කථිකාචාර්යකම සුදුසුකම් රහිත ලලනාවකට…

kelaniya 1කැලණිය විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු වූ කථිකාචාර්ය තනතුරක් සදහා වූ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව විශිෂ්ට ශාස්ත්‍රීය පරිචයක් සහිත  අපේක්ෂකයන් ගණනාවක් නොසලකා හැර එම තනතුර සදහා සුරතල් ලලනාවක් පත්කරගැනීමට විශ්විද්‍යාල පරිපාලනය කටයුතු කර ඇතැයි වාර්තා වේ.

මේ අත්තනෝමතික පත්  කිරීම පිළිබදව  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෙත ලිඛිත පැමිණිලි කළ අසාධාරණයට ලක්වූ එක් පැමිණිලි කරුවෙක් උක්ත  තැනැත්තිය එම තනතුර සදහා පත් කරන්නේ කුමණ හේතුවක් මතද යන්න පිළිබදව සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස  ඉල්ලා තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු වූ සිංහල අංශයේ කථිකාචාර්ය තනතුරක් සදහා මුලින්ම අයදුම්පත් කැදවනු ලැබුවේ වර්ෂ 2014/08/12 දිනය. බටහිර සාහිත්‍ය විචාරය පිළිබද වඩාත් පුලුල් දැනුමක් මෙම තනතුර සදහා අපේක්ෂා කෙරිනි.  අනතුරුව 2015/08/19 දින  ඒ සදහා 30 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට කැදවූහ. එහෙත් ඊට දෙමසකට පසු එම සම්මුඛ පරීක්ෂණය අවලංගු කළ විශ්විද්‍යාල පරිපාලනය 2015/10/08 දින නැවතත් සම්මුඛ පරීක්ෂණයක් සදහා කැදවීම් කෙරිණි. ඊට අදාලව පසුගිය 11 දා යලිත් අපේක්ෂකයෝ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියහ. එම සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව මෙම කථිකාචාර්ය තනතුර සදහා අංජලී මදාරා කරුණාරත්න නැමැති කාන්තාවක් තෝරා පත් කරගෙන තිබේ.

මේ තෝරා ගැනීමට විරෝධය පලකරමින් උසස් අධ්‍යාපන ඇමතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ මේ සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගී වූ   සමන් පී කාරියකරවන නැමැති අපේක්ෂකයෙකි. ඔහු දක්වන ඔහුගේ සුදුසුකම්වලට අනුව ඔහු සිංහල විශේෂ දෙවන පන්තිය ඉහළ ගෞරව උපාධියක් හිමි, ශාස්ත්‍රපති හා දර්ශන පති පශ්චාත් උපාධි සහිත, තොරතුරු තාක්ෂණය පිළිබද පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් හිමි තැනැත්තෙක් විය. එමෙන්ම ඔහු රුහුණු විශ්විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස අවුරුදු 3 පළපුරුද්ද, ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවේ හා ඩිප්ලෝමා පාඨමාලාවේ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරමින් ලබන පලපුරුද්ද, සබරගමුව සරසවියේ බාහිර කථිකාචාර්යවයෙක් ලෙස කටයුතු කරමින් ලද අත්දැකීම් සහිත අයෙකි. බටහිර සාහිත්‍ය විචාරයට අදාල ශාස්ත්‍රීය පිලි තිහක් හා සාහිත්‍ය විචාර සිද්ධාන්ත පිළිබද කෘති දෙකක් ලියා පල කළ තැනැත්තෙකි.

එමෙන්ම සාහිත්‍ය අනුමණ්ඩලයේ හා රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ පාලක මණ්ඩල සමාජිකයෙකි. තමන්ට මෙම තනතුර නොලැබීමටත්, මේ කිසිම සුදුසුකමක් සපුරා නැති අංජලී මදාරා කරුණාරත්න නැමැත්තිය කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් සදහා පත් කරගැනීමට හේතුවත් ඔහු විසින් විමසා තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.