කිංසිපාරේ ගෙදර හැදූ හැටි කියාගන්න බෑ… මහින්දානන්ද අත්අඩංගුවට…

mahindanandaප්‍රකාශකයක් ලබාදීම සඳහා අද උදෑසන රහස් පොලිසිය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ටික වේලාවකට පෙරදී අත්අඩංගුවට ගත්තේය.
බොරැල්ල කිංසි පාරේ ඔහු විසින් රුපියල් මිලියන 42 ක් වැයකර ඉදිකරන්නට යෙදුණ වටිනා සුපිරි නිවාසය එසේ ඉදිකරන්නට මුදල් ඉපැයීම සම්බන්ධයෙන් අනාවරණයවූ වංචාසහගත කරුණු මුල්කොට මෙම ප්‍රශ්න කිරීම සිදු කර තිබේ. සාධනීය පිළිතුරු නොලැබුණු බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.

මීට සතියකට පමණ පෙර මහින්දානන්දට එෆ්සීඅයිඩී යන්නට සිදුවිය.  ඒ පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේදී කැරම් බෝර්ඞ් 14,000 ක් හා දාම් බෝඞ් 14,000 ක් මිලදී ගෙන ඇති මුත් ඒවා කි‍්‍රඩා අමාත්‍යාංශයේ ගබඩාවට නොලැබීම සම්බන්ධව විමසීමටය. පසුව කැරම් බෝඞ් 14,000 මහින්ද රාජපක්‍ෂ ගේ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් භාන්ඩ බෙදා හරින ලද ගබඩාවක තිබි සොයා ගෙන ඇත. එම ගබඩාවේ තිබි මහින්ද රාජපක්‍ෂගේ හා ඔහුගේ පුත‍්‍රයාගේ ජායාරූප සහිත බිත්ති ඔරලෝසු ලක්‍ෂයක්ද සොයා ගෙන තිබිණි. ලක් සතොස හරහා කැරම් බෝඞ් හා දාම් බෝඞ් මිලදී ගැනීම් කර ඇති අතර ඉන් එම ආයතනයට සිදුවු අලාභය රුපියල් ලක්‍ෂ 390 ක් බව කියැවේ.

මහින්දානන්ද අලුත් ගමගේ අත්පත් කරගත් ප්‍රශ්නකාරී වත්කම් මෙසේය.

1987 දී මුල්‍ය සමාගමක ණය එකතු කරන්නෙකු ලෙස කටයුතු කල රුපියල් 1200 ක මාසික වැටුපක් ලැබු මහින්දානන්ද තමාගේ හා බිරිදගේ නමින් කෙටි කාලයක් තුල පහත දේපල අත්කරගෙන ඇත.
බොරැල්ල, කුරුප්පු පාරේ, අංක 66 දරණ පර්චස් 20.85 ක නිවස,
නුවර ජොර්ජ් ආර්. ද සිල්වා මාවතේ, අංත 309-බී දරණ නිවස හා එම ලිපිනයේම සදහන් පර්චස් 18.03 ක ඉඩම,
රාජගිරිය, නාවල පාරේ, චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ අංක 15/1 දරණ පර්චස් 15.05 ක ඉඩම,
චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ, 3 වන පටුමගේ 15/31 දරණ ලිපිනයේ පර්චස් 17.05 ක ඉඩම.
ඇල්විටිගල මාවතේ, ටි‍්‍රලියම් රෙසිඩන්ස් හි අංක 159/9/2 දරණ නිවස. (ලක්‍ෂ 285 කට මිලදී ගෙන ඇත)
කොළඹ 07, කිංසි පාරේ අංක 70/3/1 දරණ නිවස (ලක්‍ෂ 270) කට මිලදී ගෙන ඇත. මේවාට අමතරව එංගලන්තයේ නිවසක්ද, සංගප්පුරුවේ ඩොලර් ලක්‍ෂ 5.05 තැන්පතුවක්ද මහින්දානන්දට ඇත.
ඉතා කෙටි කාලයක් තුලදී ඔහු උපයාගෙන ඇති මේ වත්කම්, වාර්ෂික වත්කම්, බැරකම් ප‍්‍රකාශ තුල ඇතුලත් කර නැත. එසේම විදේශයන්හි ඇති බැංකු ගිණුම් ප‍්‍රකාශයට පත්කර නොමැත.
නොරච්චෝලේ තාප බලාගාරය ඉදිකිරීමේදී ඩොලර් ලක්‍ෂ 254 ක මුදලක් කොමිස් ලෙස ලබාගැනීමේ චෝදනාවද මහින්දානන්දට එරෙහිව එල්ලවී ඇත.
මීට අමතරව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තිරුබදු රහිත සංකීර්ණයේ ඇති චේම්බර් ඔෆ් ගිෆ්ට් හා වී-ඩූ ලංකා (V-Doo lanka) ආයතනයහි හිමිකරුද මහින්දානන්දය.
කි‍්‍රඩා අමාත්‍යාංශයේ කොන්ත‍්‍රාත්තු, තමන්ට හිතවත් කවිදු බිල්ඩර්ස් ආයතනයට ලබාදී ඇති මහින්දානන්ද කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් විදේශ සංචාරයන්හි නිරත වෙද්දී ගුවන් ටිකට් පත් ලබාගෙන ඇත්තේ ලොහාන් රත්වත්තේට අයත් සමාගමකිනි. ඔහු මේ සියල්ල සිදුකර ඇත්තේ තම අභිමතයටය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.