කොචින් හා මත්තලින් කටුනායකට සහාය

flyකටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ඊයේ (16 ) සහ පෙරේදා (15 ) පැමිණි ගුවන් යානා තුනක්‌ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොචින් සහ මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබේ.

පෙරේදා (15 ) රාත්‍රි 8.45 ට ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ජෙට්‌ ගුවන් සේවයේ යානයක්‌ ඉන්දියාවේ කොචින් වෙත ද, ඊයේ අලුයම 12.45 ට මලයාසියාවේ ක්‌වාලාලම්පූර් සිට පැමිණි යානයක්‌ කොචින් වෙතද, ඊයේ අලුයම 1.10 ට ඩුබායි සිට පැමිණි ෆලයිඩුබායි ගුවන් සේවයේ යානයක්‌ මත්තල ගුවන් තොටුපළට ද මෙසේ හරවා යවා තිබේ.

මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.