කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයා හෙළි වේ…

Suleyiman1බම්බලපිටිය කොතලාවල ඇවිනියුහි අංක 21 ලිපිනයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික මොහමඩ් සුලෙයිමාන් පැහැරගෙන ගොස් මරා දැමූ ඝාතකයා හෙළි කරගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඔහුව පැහැරගෙන යනු ලැබූ වාහනයත්  හදුනාගෙන ඇත.

මේ ඝාතකයා සුලෙයිමාන්ගේ සමීපතම මිත්‍රයෙක් හා ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා බව පැවසේ.  මේ ඝාතනයට හේතුව මෙතෙක් හෙළි වී නැති අතර හෙට උදෑසන වනවිට මේ තැනැත්තා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉදිරි දින කීපය තුළදී මේ ඝාතනයේ සුලමුල සොයා ගනු හැකිවෙතැයි පොලිසිය පවසයි.

මාවනැල්ල රුකුලාගම මංසන්ධිය අසල වෙලක තිබී පසුගිය 24 දා සුලෙයිමාන්ගේ  මලසිරුර සොයාගෙන තිබිණි. මොට ආයුධයකින් හිස පිටුපසට සිදුකළ තදබල පහරදීමක් හේතුවෙන් ශරීර අභ්‍යන්තරයට රුධිරය වහනය වී මරණය සිදුව ඇති බවට එහිදී අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයට කොළඹ අපරාධ කොට්ඨාසය සහ කෑගල්ල පොලීසිය  ඒකාබද්ධව පොලිස් කණ්ඩායම් 08ක් යොදවා තිබිණි.   පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම්  ත් කාලයේ ‍මොහුට ණය වශයෙන් මුදල් ලබාදුන් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු හා ඔහුගෙන් මුදල් ණයට ඉල්ලා ගනු ලැබූ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු කෙරෙහි මුලින් පොලිසිය අවධානය යොමු කරනු ලැබීය. අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්   විසින් මෙම ඝාතනයට සැක කරන ව්‍යාපාරිකයින් පස් දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව මේ ඝාතනයේ සැකය සුලෙයිමාන් ගේ ජීවිතයට විවිධ අවස්ථාවල තර්ජන හා විවිධ ගැටලු සහගත ප්‍රශ්න රැසක් ඇති කළ ඔහුගේ මවු පාර්ශවයේ  ඥාතීන් වෙත යොමු විය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.