කෝටි 5 වංචාවක්… මහින්දානන්දට අධිකරණයෙන් නොතීසි…

mahindananda

රුපියල් පන්කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා රාජ්‍ය දේපල අවභාවිත කිරීම සම්බන්ධව මහින්දානන්ද අළුත්ගමගේට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් ඊයේ (8) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

මහින්දානන්ද අලුත්ගමගේ සමග එකවකට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙ ගබඩා භාරකරු වූ අජිත් නිශාන්ත නැමැත්තෙක්ද මේ වරද සදහා චෝදනා ලැබ සිටී.

වර්ෂ 2004 දී මහින්දානන්ද අළුත්ගමගේ  ක්‍රිඩා අමාත්‍යවරයාව කටයුතු කළ සමයේ තෝරාගත් පාසල් සහ ක්‍රීඩා සංගම්වලට රුපියල් පන්  කෝටි තිස් පන් ලක්ෂයක් පමණ වටිනා උපකරණ බෙදාදීමේ මුවාවෙන් එම උපකරණ දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවඅල්ලස් හෝ දූෂණ කොමිසම අධිකරණය හමුවේ පවසයි.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් ලබන 27 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මහින්දානන්ද අලුත්ගමගේට හා අජිත් නිශාන්ත  යන අයට නොතීසි නිකුත් කරනු ලැබුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.