ගිලන් රථයට ඉන්ධන නැහැ ගැබිනිය මරුට

ambulnceගිලන් රථයට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් නිසි වෙලාවට ප්‍රතිකාර නොලැබූ මවක් මියගොස් ඇත.

මේ මරණය සිදුව ඇත්තේ ඉන්දීය ආධාර ඇතිව දීපව්‍යාප්ත ගිලන් රථ සේවාවක් පවත්වාගෙන යෑම සඳහා ඉන්දියාව මැදිහත් කරගත යුතුද නැද්ද යන්න පිළිබඳව කතාබහ ඇතිව තිබෙන මොහොතකය.

තමන්ගේ දෙවෙනි දරුවා ප්‍රසූත කිරීම සඳහා ගාල්ලේ නෙළුව රෝහලට මේ තරුණ මව ගෙන ගිය අවස්ථාවේ දී ඇයව උඩුගම රෝහලට ගෙන යන්නැයි එහි සිටි වෛද්‍යවරයා උපදෙස් දී ඇත.

මේ තරුණ මව සහ ඇගේ ස්වාමිපුරුෂයා රෝහලට ත්‍රී රෝද රථයකින් පැමිණ ඇති අතර රෝහලේ නවතා තිබු ගිලන් රථයට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් යට ත්‍රී රෝද රථයෙන්ම උඩුගම රෝහලට යන්නැයි වෛද්‍යවරයා විසින් දන්වා ඇත.

මේ තරුණ මව ත්‍රී රෝද රථයෙන් උඩුගම රෝහලට ළඟා වෙද්දී මියගොස් සිටියාය.

ගලන් රථයකින් ඇයට උඩුගම රෝහලට යාමට අවස්තාවක් තිබුනේ නම් ඇගේත් දරුවාගේත් ජීවිත බේරා ගැනීමේ වැඩි ඉඩක් තිබුන බවයි රෝහල් බලධාරීන් කියා සිටින්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.