ගෝලයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න ගිහින්… විමල් එක්ක මහින්ද බාලසූරියත් ඇතුළට?

Wimal22බලය අයුතු ලෙස භාවිත කරමින් තම දේශපාලන පක්ෂයවන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් 8 දෙනෙකු වෙත නීති විරෝධී පොලිස් ආරක්ෂාවක් ලබා දීම සදහා කටයුතු කළ විමල් වීරවංශ පිළිබදවත්, එම පොලිස් ආරක්ෂාව නිර්දේශ කළ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය පිළිබදවත්   විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නියෝග කර තිබේ.

වර්ෂ 2009 සිට 2015 දක්වා වසර 6 ක් තිස්සේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජියන් වන මොහමඩ් මුසාමිල්, අන්ජාන් උම්මා, වීරකුමාර දිසානායක, නිමල් ප්‍රේමවංශ, පද්ම උදයශාන්ත, දීපාල් ගුණසේකර, ජයන්ත සමරවීර, සමන්සිරි හේරත් යන පුද්ගලයින් වෙත එක් අයෙකුට දෙදෙනා බැගින් පොලිස් නිලධාරීන් 16 දෙනෙකු පූර්ණකාලීනව සේවයට යොදවා ඇති අතර මෙම පොලිස් නිලධාරීන් මුදා හැර ඇත්තේ විමල් වීරවංශගේ නියෝගය පරිදි එවකට හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය විසින්ය.

ඉදිරි දින කීපය තුළ මහින්ද බාලසූරිය හා විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.