ගෝඨාභයට උසාවියට පැමිණීමට නියෝග

ත්‍රස්ත ක්‍රියා පිලිබඳ නඩු විසදීමට පත්කොට ඇති විශේෂ මහාධිකරණය හමුවට මයි මස 3 වෙනිදා පැමිණෙන ලෙස විශේෂ මහාධිකරණයේ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයරාජපක්ෂ මහතාට සිතාසි නිකුත් කළාය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීමට කොළඹ පිත්තල හන්දියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට කොටි ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් කොටි ත්‍රස්තවාදීන් පස්දෙනෙකුට පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට කැඳවනු ලැබ ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.