චන්ද්‍රිකා මහින්ද දෙපැත්තේ තියාගෙන සම්මේලනයට… මෛත්‍රී සැලසුම් කරයි…

SLFP1කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්සරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට  ප්‍රධාන වේදිකාවේ පක්ෂ නායකයා අසලම ආසනය වෙන් කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ සම්මේලනයට පැමිණියහොත් අසුන් ගන්නට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේනට යාබද අසුනේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අනෙක් පසින් අසුන් පනවා ඇත්තේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංගටය. සෙසු ආසන පක්ෂයේ ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික වැනි පක්ෂයේ නිලයන්ට වෙන් කර තිබේ.‍ෙ


ජනාධිපති හා පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වෙයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්සරය සැප්තැම්බර් 04 දා කුරුණෑගල  වෙලගෙදර ක්‍රීඩාංගනයේ දී  පැවැත්වේ. 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.