ජනපතිට එරහෙිව ජවිපෙ මානව හිමිකම් කොමිසමට

ජනපති මෛත්‍රීපාල සිරිසේන, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.එච්.මුතුකුඩආරච්චි, පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල ඇමති චන්දිම වීරක්කොඩි, ඉඩම් අමාත්‍යංශ ලේකම් අයි.එම්.කේ.මහානාම යන අයට එරෙහිව සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය නිසා එහි ජනතාවගේ මානව හිමිකම් කඩ වී ඇති බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (05) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේය.

මේ සදහා ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත, නැගෙනහිර ජනතා හඩ සංවිධානයේ කැදවුම්කරු හේමචන්ද්‍ර අරූන් යන මහත්වරුන් එක්වූහ.

මෙම සාම්පූර් තාප බලාගාරය ඉදි කළහොත් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන මාර්ග වලට හා සනීපාරක්ෂාව පිළිබද විශාල ප්‍රශ්නයක් ඇති වන බවද ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව ද කේ.ඩී.ලාල්කාන්ත මහතා පැවසූහ.
තව ද මෙය ජනතාව නැති තත්වයක් තුළ මිස ජනතාව සිටින අවස්ථාවක කිසිසේත් ඉදි නොකළ යුතු බවත් හෙතෙම පැවසීය.

නැගෙනහිර ජනතා හඩ සංවිධානයේ කැදවුම්කරු හේමචන්ද්‍ර අරූන් මහතා පැවසුවේ මෙම ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ ගොවිතැන හා ධීවර කර්මාන්තය බවය.එම නිසා මෙම ප්‍රදේශයේ ව්‍යාපෘතිය ඇරඹීම ඔවුන්ගේ ජීවිකාවට විශාල තර්ජනයක් වන බවත්ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.