ජනපති ඉබ්බන් දියට දමයි

Maithripala Sirisenaදුගී බවින් නිදහස් වීමේ වසර ලෙස ලබන වසර නම් කර අදාළ වැඩසටහන් කියාවට නැංවීමත් සමඟ දිස්ති‍්‍රක් මට්ටමින් එහි ප‍්‍රගතිය සොයා බැලීමට අදාළ අමාත්‍යාංශවල මැති ඇමතිවරු තෙමසකට වරක්වත් සෑම දිස්ති‍්‍රක්කයකම සංචාරය කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ නියෝගය කරන්නේ හොඳ හිතින් විය යුතුය එහෙත් දැනට තිබෙන අත් දැකීම් අනුව සහමුලින්ම නාස්තිකාර ප්‍රතිපලයක් අතිවිය් හැකිය. ඇමතිවරු සහ නිලධාරීන් රොත්ත පිටින් ගම්මාන වලට ගොස් සංදර්ශන පැවැත්වීමට තිබෙන ඉඩකඩ ඉහළය.

වැඩක් ඇතත් නැතත් තමසුපිරි වාහන වලින් ගම්දනව් වලා සැරිසැරීමට දැඩි කැමැත්තක් දක්වන නිලධාරීන් හට මේ නියෝගය ඉබ්බා දියට දැමීම හා සමාන විය හැකිය. මේ මොහොතේ දැනගැනීමට අවශ්‍ය වන්නේ තිරසර සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීමට ක්‍රියාත්මක කරන ඉලක්කය කවරේද යන්නයි.

 

දැනුවත් කරන්නේ කුමක් කිරීම සඳහාද?

ජනාධිපතිතුමා කියා සිටින්නේ තිරසර සංවර්ධන ප‍්‍රතිපත්ති පිළිබඳව දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරින්, දෙපාර්තමේන්තු ප‍්‍රධානින් මෙන්ම සියලුම ආයතනවල සේවය කරන පිරිස් මෙන්ම මහජනතාව ද දැනුවත් කල යුතු බවයි. අපේ ප්‍රශ්නය වන්නේ මේ මේ ය දැනුවත් කරන්නේ කුමක් කිරීම සඳහාද යන්නයි.

 

මහප්‍රාණ කථා

ගෝලීය උෂ්ණත්වය සහ පරිසර විනාශය පිළිබඳ අද මුළු ලෝකයම කලබලයට පත්ව ඇති අතර එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැරිසියේ පැවති සමුළුවේදී එළැඹුනු ප‍්‍රඥප්තියට අනුගත වූ ආසියානු රටවල් අතර ශී‍්‍ර ලංකාව ප‍්‍රමුඛත්වය ගන්නා බව ජනාධිපතිවරය කියා සිටී

මේවා පට්ට ගැසුණු මහප්‍රාණ කථාය. දැන් අවශ්‍ය වන්නේ කටත් තේරෙන බසින් කියන කථාවකි. අපේ රටේ හරි හමන් වේල් තුනක් කන්න නැති උදවියට කාටවත් අත පාන්නේ නැතිව තුන් වේල කන්න

ලැබෙන්නේ කවදාද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.