ජන සටන පා ගමනට ජනපති අනුමැතිය දෙයි…

maithripala-sirisena-2ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන ජන සටන පාගමනට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුමැතිය මීට ටික වෙලාවකට ඉහතදී  ලැබුණේය. ඒ අනුව සංවිධානය කරගත් පරිදි බාධාවකින් තොරව ලබන 28 දා පා ගමන ඇරඹෙන්නේය.

අද සවස ආරම්භවුණු එකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී කණ්ඩායමේ හමුවේ දී  ජන සටන පා ගමනට අනුමැතිය දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියුවේ පක්ෂය කඩන්නේ නැතිව, බෙදන්නේ නැතිව, පක්ෂ විනයට හානි කරන්නේ නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මේ පාගමන  ගියාට වරදක් නැති බවය.

මෙම හමුවට ජනාධිපතිවරයාගේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයනුත්, ඒකාබද්ධ විපක්ෂයේ අති බහුතරයකුත් සහභාගී විය. මෙහිදී මූලික ප්‍රස්තුතය වූ පාගමන ගැන විමසීමේදී  ඒකාබද්ධ විපක්ෂය පවසා සිටයේ මේ පා ගමනේ අරමුණ ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කිරීම හා බෙදා වෙන් කිරීම නොව, එක්සත් ජාතික පක්ෂයටත් පවතින ආණ්ඩුවේ ක්‍රියාකලාපයටත් විරෝධය පෑමක් බවය.

එසේනම් එවැනි පාගමනක් යෑම ගැටලුවක් නොවන බව ජනධිපතිවරයා පවසා තිබුණේය. මෙහිදී එකාබද්ධ විපක්ෂය නැගූ තවත් ප්‍රශ්නයක් වූයේ එක්සත් ජාතිකපක්ෂ ආණ්ඩුව සමග සංධානය වසර 2 ක් සදහා මිස වසර 5 දීර්ඝ කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ජනවරමක් නුදුන් බවය. එසේ තිබෙද්දීත් මේ ගිවිසුම අත්සන් කළේ කෙසේදැයි ඔවුහු ජනාධිපතිවරයාව ප්‍රශ්න කළහ.

එවිට ජනාධිපතිවරයා පවසා තිබුණේ මේ ගිවිසුමේ අර්ථය රට ස්ථාවර බව ලෝකටය ප්‍රකාශ කිරීම බවය. එවැනි ප්‍රකාශනයක් ලෝකයට දිය නොහැකිනම් විදේශ ආධාර හා ණය මුදල් නොලැබී රට බරපතල අර්බුදකයට යනු ඇතිබව ජනාධිපතිවරයා පවසා තිබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.